
මේ සීවලි ස්ථවිරයන් වහන්සේ වනාහි ප්‍රත්‍යලාභී භික්ෂුන් අතුරෙන් අග්‍ර වුහ. උන් වහන්සේගේ පිළිවෙළ කථාව මෙසේ දත යුත්තේය.- ඒ කෙසේද යත්?
මේ තෙමේ ද යටකී පරිද්දෙන් මැ පියුමතුරා බුදුන් සමයෙහි විහාරයට ගොස් බණ අසන්නේ ශාස්තෘන් වහන්සේ එක් භික්ෂුවක් ප්රත්යලාභින් අතර අග්‍රස්තානයෙහි තබනු දැක. මා විසින්ද අනාගතයෙහි ලොව පහළ වන්නාවූ බුදු කෙනෙකුන්ගේ සාසනයෙහි ප්රත්යලාභින් අතර අග්‍ර වීමට වටනේයැයි සිතා බුදු පා මොක් මහ සඟනට සත් දිනක් මහ දන් දී භාග්‍යවතුන්වහන්සේ කරා ගොස් වැඳ “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස ! මා කල මේ පුණ්‍ය කර්මයේ බලයෙන් මතු කලෙක ලොව ඵලවන්නාවු යම් බුදු කෙනෙකුන් වහන්සේගේ සමයෙහි ඉපද පැවිදිව එම සසුනෙහි ප්‍රත්‍ය ලාභින් අතුරෙන් අග්‍ර වෙම්වා” යි ප්‍රාර්ථනා කළේය. අනාගතය බලා වදාරන බුදු රජාණන් වහන්සේ ඔහුගේ ඒ ප්‍රාර්ථනය සිද්ධ වන බව දැක “පින්වත් කුල පුත්‍රයා! ඔබ අනාගතයෙහි ලොව පහලවන්නාවූ ගෞතම නම් බුදුන් සමයෙහි ඉපිද පැවිදිව උන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර ප්‍රත්‍ය ලාභින්ගෙන් අග්‍ර වන්නෙහිය” යි විවරණ දෙවා වදාළ සේක.
හෙතෙමේද ජීවිතාන්තය දක්වා දන් දීම් ආදී කුශල කර්මයන් කොට ඉන්…
View original post 1,754 more words