18- සීවලී මහ රහතන් වහන්සේ

අසු මහා ශ්‍රාවකයෝ

18- Maha Sivali Thero-Solias mendis

මේ සීවලි ස්ථවිරයන් වහන්සේ වනාහි ප්‍රත්යලාභී භික්ෂුන් අතුරෙන් අග්‍ර වුහ. උන් වහන්සේගේ පිළිවෙළ කථාව මෙසේ දත යුත්තේය.- ඒ කෙසේද යත්?

මේ තෙමේ ද යටකී පරිද්දෙන් මැ පියුමතුරා බුදුන් සමයෙහි විහාරයට ගොස් බණ අසන්නේ ශාස්තෘන් වහන්සේ එක් භික්ෂුවක් ප්‍රත්‍යලාභින් අතර අග්‍රස්තානයෙහි තබනු දැක. මා විසින්ද අනාගතයෙහි ලොව පහළ වන්නාවූ බුදු කෙනෙකුන්ගේ සාසනයෙහි ප්‍රත්යලාභින් අතර අග්‍ර වීමට වටනේයැයි සිතා බුදු පා මොක් මහ සඟනට සත් දිනක් මහ දන් දී භාග්‍යවතුන්වහන්සේ කරා ගොස් වැඳ “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස ! මා කල මේ පුණ්‍ය කර්මයේ බලයෙන් මතු කලෙක ලොව ඵලවන්නාවු යම් බුදු කෙනෙකුන් වහන්සේගේ සමයෙහි ඉපද පැවිදිව එම සසුනෙහි ප්‍රත්‍ය ලාභින් අතුරෙන් අග්‍ර වෙම්වා” යි ප්‍රාර්ථනා කළේය. අනාගතය බලා වදාරන බුදු රජාණන් වහන්සේ ඔහුගේ ඒ ප්‍රාර්ථනය සිද්ධ වන බව දැක “පින්වත් කුල පුත්‍රයා! ඔබ අනාගතයෙහි ලොව පහලවන්නාවූ ගෞතම නම් බුදුන් සමයෙහි ඉපිද පැවිදිව උන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර ප්‍රත්‍ය ලාභින්ගෙන් අග්‍ර වන්නෙහිය” යි විවරණ දෙවා වදාළ සේක.

හෙතෙමේද ජීවිතාන්තය දක්වා දන් දීම් ආදී කුශල කර්මයන් කොට ඉන්…

View original post 1,754 more words

උතුම් ශ්‍රී සද්ධර්මය

1. බුද්ධානුස්සති සූත්‍රය.

´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

´´කවර නම් එකම ධර්‍මයක්ද? බුද්ධානුස්මෘතිය (බුදුගුණ සිහිකිරීම) යි.

´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

2. ධම්මානුස්සති සූත්‍රය.

´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

´´කවර නම් එකම ධර්‍මයක්ද? ධර්මානුස්මෘතියයි.

´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය…

View original post 8,055 more words